අද නැත සැරිසරන්නට........



ඔබේ තුරුලේ වින්ද
උණුසුම සොයමි නෑ
ඵය මට විඳින්නට
දනිමි ලොව තුල
සැරිසරන්නට
හැකිය කවි ගී කිය
නටන්නට
නමුදු නොහැකිය
අතීතයේ රැඳි
ලෝකයේ
යලි සැරිසරන්නට

මතකයේ රුඳි සිතුවම්


කුරුමිබැට්ටි බෝනික්කෝ
නැත දකින්නට නෙත් මානෙක
දෑසට නොපෙනෙන අකුරින්
ලියු පොත පත නෙත අද්දර
කුරැටු ගගා ඇඳි සිතුවමි
කීවද මා සිත රැඳි දේවල්
නොහැක වදනකින් ලියන්න
මතකයේ රුදි ඒ සිතුවම්
ඉගෙන ගතිමි ලොව දිනන්න
පොත පත හා වු ගැටුමෙන්
නමුදු නොමැත මා සිත තුළ
පෙර දිනකදී තිබූ නිදහස

සිහිනයක්ද මගෙ ලෝකය...



අඹ යාළුවෝ
මඩොල් දූව
සුනිල් , නිමල්
කෝ කොහි අද
වැටි වැටී දුව ඇවිද්ද
වැව් තාවුලු නැත දකින්න
අකුරු කරන්නට මා ගිය
වැලි බිස්සත් අද තනිවම
ගුරු දෙගුරුන් හා තනි වූ
පාසල් බිම අද පාළුය
මා පෙර දින සිටි ලෝකය
සිහිනයක්ද සිතුවෙමි මම......

අතීතය වෙත.......



දුවයි මා සිත ඵසැනින්
අතීතය වෙත
නැවතුමක් ඇත ඵහි සැදී
සිත නතර වන ක්ෂණයකින්
දුවයි මා ගෙමිදුල වටා
කියයි ගී වැල් හඬ නඟා
මඳ සුළඟ වැහි මැද පවා
දුව ඇවිද නැටු ගම පුරා
දෙනෙත් වැසුවෙමි
යලිත් හැරියෙමි
මා
නොසිතු ලෝකෙක තනි වෙලා ..

අමිමා නැති කළ ..........


සමාවන්න මට මගේ දරුවනේ
ආයෙත් නම් මේ වරද නොවේ
ජීවිතයේ මතු කවදාවත්..

දෙපා රිදෙන තුරු
මහ වන මැද්දෙන්
පාසැල් යයි නුඹලා
ගිණි මද්දහනේ
වියැලුණු දෙතොලින්
පසුපස එයි නුඹලගෙ අම්මා

සුරා සොඬෙකු වී - වියවුල් මනසින්
සැනසෙන්නේ ඇයි මා....

උන්හිටි තැන් නැති
අහරක් කුස නැති
දොඩමළු වෙති නුඹලා
ඉරුණු ඇඳුම් පොඩි
පොට්ටනි අත ගෙන
මහමඟ වෙති කියලා

පෙර අප දුටුව හැටි....




ලාහිරු පින්නේ නිල්ල නෙලා
සීතල සුළඟ ඇවිත්
තරුමල් යායට සඳ දිය වැහලා
හැඩවූ වසන්තයත්
කෙතරම් මිහිරිද
පෙර අප දුටුව හැටිත්...

සැදෑවක් නිති ඒවි......




ඡිවිතෙත් කවදා හරි
සැඳෑවක් නිති ඵ්ව්
සිත් ඵළිය බොඳ වෙලා
දිවි සැරිය නිමා වෙන
ඵදාටත් අනේ ඔඹ
මහ සයුර වෙනවා නම්
හිරු වෙලා මම මියෙන
මේ විසල් අහස යට....