මෙම සීගිරි ගී බොහොමයකට වස්තු විෂය වූයේ "සීගිරි බිතුසිතුවම් "ය . සාහිත්‍ය අගයෙන් අනූන පද්‍ය බොහොමයක් සීගිරි කැටපත් පවුරෙන් හමු වේ. මෙම ගී බොහොමයක දැකිය හැක්කේ සීගිරි පැමිණිවුන් එහි වූ ලලනා රූ දැක තම සිත තුළ නිපන් අදහස කවියට නැගීමකි. මෙම සීගිරි බිතුසිතුවම් සම්ප්‍රදායික සිංහල කලා කෘතිවලට ආගන්තුක බව පැහැදිලි වන කරුණකි. එමෙන් ම මෙම සීගිරි ගීත ද සම්ප්‍රදායික සාහිත්‍ය සම්ප්‍රදායට ද අනුගත වූ බවක් නොපෙනේ.සීගිරි ගී බොහොමයක්ම ශෘංගාර රසය දනවයි. මෙම සීගිරි ගී කවීන් නිදහස් කාව්‍ය සම්ප්‍රදායක් අනුගමනය කළ අතර එබැවින් සීගිරි ගී නිර්මාණ හරහා අනුරාධපුර යුගයට අයත් යම් යම් සමාජිය ලක්ෂණ මෙන්ම අනුරාධපුර යුගයේ භාවිතා වු භාෂාවේ ඇතැම් භාෂාත්මක ලක්ෂණ පිළිබඳව වු තොරතුරු ද සීගිරි ගී අතුරින් හඳුනා ගත හැකි ය.
තෙත බදාමයේ ඇඳි එකම බිතු සිතුවම් අපට සීගිරියෙන් හමු වේ. මෙම බදාමය සෑදීමට එකල චිත්‍ර ශිල්පියා හුඹස් මැටි,මී පැණි,දහයියා,කිරි ආදිය උපයෝගී කොටගෙන ඇත.අතීතයේ දී මෙහි චිත්‍ර 500ක් පමණ වුව ද අද වනවිට දී මෙහි ශේෂව පවතින්නේ චිත්‍ර 22ක් පමණි.සියුම්,තෙත බදාම තලයක ඇඳි මෙම චිත්‍ර වියළීමට පෙර ඇඳ ගත යුතු වූ නිසා අවශ්‍ය ප්‍රමාණයට පමණක් බදාමය සකසා එවේලේ ම නිර්මාණය කර අවසන් කරන්නට ඇත.රේඛා වැරදුණු සටහන් තැන තැන දක්නට ලැබීමෙන් සනාථ වන්නේ,අතිශය නිදහස් ආරයෙන් ඒවා එක එල්ලේම ඇඳ ඇති බවකි.