මහ නුවර දළදා පෙරහැර.

 ශ්‍රී ලංකාවෙහි ඇසළ මස පවත්වන්නාවූ උදාර මහෝත්සවය, ඇසළ පෙරහැර (දළදා මංගල්‍යයය )යි. දර්ශනීය ඇඳුම් පැළඳුම් සමඟින් එය වඩාත් උත්කර්ෂවත් වේ.ජූලි හෝ අගෝස්තු මස මහනුවරහීදි පවත්වන්නාවූ මෙම උළෙල, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංකේතයක් බවට පත් වී ඇත. මෙය නර්තනයන්ගෙන් සහ අගනා ලෙස  සැරසු හස්තීන්ගෙන් සමන්විත වූ බෞද්ධ උළෙලකි.මෙහි ගිනිබෝල කරුවන්ගේ නර්තන, කස කරුවන්, උඩරට නර්තන සහ අනෙකුත් විවිධ සංස්කෘතික නර්තනයන් ඇතුලත් වේ.පෙරහැරේ අලි ඇත්තු අධික ලෙස වියදම් කර නිමවූ මනරම් වස්ත්‍රයන්ගෙන් සැරසෙති. මෙම උළලෙහි නිමාව සනිටුහන් වනුයේ සම්ප්‍රදායික 'දිය කැපීමේ' මංගල්‍යයයෙනි.


ඉතිහාසය

නොයෙකුත් විශ්වාසයන්ට අනුකූලව මහනුවර ඇසල පෙරහැර, එකිනෙකට වෙනස් වූ, එනමුත් එකිනෙකට සම්බන්ධ වූ "පෙරහැර"  දෙකක එකතුවකි. එනම් ඇසළ සහ දළදා පෙරහැරයි. ක්‍රිස්තු වර්ෂයට පෙර තුන්වන සියවස තෙක් දිව යන බවට සැලකෙන ඇසල පෙරහැර, වැසිපල ලබා ගැනීමට දෙවියන් හට ආයාචනා කිරීමට ප්‍රඥප්ත කළ පූජාවිධියකි. දළඳා පෙරහැර ක්‍රි.ව. හතරවන සියවසෙහි පූජනීය දළදාව ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට වැඩමවූ පසුව ඇරඹූ බවට විශ්වාස කෙරේ.


නූතන පෙරහැර

නූතන පෙරහැර උඩරට ශ්‍රී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ගේ (ක්‍රි.ව. 1747 - 1781) පාලනය දක්වා දිව යයි. මෙම කාල සීමාව ඇතුළත, දළදාව රජුගේ පෞද්ගලික දේපලක් ලෙස සැලකුනු අතර මහජනයාට එය වැඳ පුදා ගනීමට වරම් නොලැබුනි. ඒ කෙසේ වෙතත් පොදු ජනයා හට නැරඹීම සහ පුද සැලකිලි පැවැත්වීම සඳහා ධාතුව පෙරහැරක ගෙන යාමට රාජසිංහ රජතුමා නියෝග කරන ලදි.