සීගිරිය ගැන ඔබේ අවධානය බිඳකට

සීගිරිය ගැනත් ටිකක් දැන ගනිමුද?.....


ඉතා ඈත ඉතිහාසයකට නෑකම් කියන සිංහලයේ තවත් අභිමානනීය නිමැවුමක් වු සිගිරිය සිංහල චිත්‍ර කලාවෙ ද , වාස්තු විද්‍ය හා ගෘහ නිර්මාණ ශිල්පෙය්ද ලොව අටවෙනි පුදුමයට පත්වන්නට තරම් උතුම් වු මහා කලාගාරයකි.අපේ වංශ කතාවලට අනූව සීගිරි කතා පුවත ගොඩ නැගෙන්නේ සිගිරියේ නිර්මාතෘවරයා වුත් දුක්මුසු අවසානයකට භාජනය වන පළමුවන කාෂ්‍යප රජු වටා ය. මෙම මහා කලාගාරය පිහිටා තිබෙන්නේ දඹුල්ලේ සිට සැතපුම් 9ක් පමණ උතුරු දෙසට යන විට ය. සීගිරිය මාතලේ දිස්ත්‍රක්කයේ ශේෂ කඳු පංතියක් ලෙස පිහිටා ඇත.මෙම පර්වතය තැනිතලාවේ සිට අඩි 600ක් පමණ ඉහළට නැග සිටි. දිගින් කි: මී: 3ක් ද, පළලින් කි:මී:1ක් ද, පමණ වන සීගිරිය පර්වතය මුදුනේ විශාලත්වය අක්කර 3කි. ගල් හා ගඩොල් සංයුක්ත වු මෙම ගෘහ නිර්මාණ සංකීර්ණය ක්‍රි:ව: 5වන සියවසේ අගභාගයේ දී ඉදි කෙරිණි. මහා පවුරු, දිය අඟල්, ආරක්ෂක කුටි, ස්වභාවික ගල්ආරුක්කු ආදියෙනුත්,මල් උයන්වලින් හා හිරිගලින් නිමැවුණු සියුම්ව පිරිමැද සිනිදු කළ හෙයින් ම කැටපත් පවුර යන නම් ලද මහ පවුරෙනුත් සමන්විත මේ වංකගිරියේ තේඡ බල පරාක්‍රමයෙන් වැඩ සිටින්නේ ශක්තිමත් යෝධයෙකු බව මනාව පිළිබිඹු කරමිණි.